ඔබගේ උපකාරක පන්ති සඳහා රෙදි කටවුට් - Screen printing Lanka (pvt) Ltd

Screen printing  Lanka (pvt) Ltd

Screen Printing Pvt Ltd is a leading screen printing company specializing in high-quality, innovative printing and embellishment solutions for apparel and textiles. Founded with a commitment to cutting-edge technology and continuous R&D, the company delivers precise, durable prints that cater to both global brands and local businesses. Its focus on customer service, quality, and sustainable practices has established it as an industry benchmark in the screen printing sector.

Monday, January 20, 2025

ඔබගේ උපකාරක පන්ති සඳහා රෙදි කටවුට්




 ඔයා Tuition වලට වැඩකරුවෙක් තමා .  එත් ? 

ඔන්න අද කතා කරන්න යන්නේ Tuition ශේත්‍රයේ නියැලෙන ප්‍රවීනයන්ට සහ නවකයන්ට ගොඩාක් වැදගත් මාර්තෘකාවක් ගැනයි .  මේ වෙද්දී ඔයා tuition වුර්තියේ වසරගනනාවක් නියැලෙන කෙනෙක් වෙන්නත් පුළුවන් .  නැත්නම් නවකයෙක් වෙන්නත් පුළුවන් .  ඔයාට මේ වෘර්තියේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන කාරනා කහිපයක් තියෙනවා . 
  • විෂය සම්බන්ධව ඇති නිපුනතාවය . 
  • ඉගැන්වීමට හැකි හැකියාව සහ ආකර්ෂණය . 
  • ප්‍රචාරණය . 
ඉහත ප්‍රධාන කාරනා තුනෙන් පළමු දෙක ඔබ සතුවිය යුත්තේ ඔබගේ හැකියාව මත ය . තෙවැන්න සාර්ථක කරගැනීමට ඉහත කාරනා දෙක සෘජු බලපෑමක් කරනවා . එහෙනම් දැනටටමත් ඔබ උපකාරක පන්ති ගුරුවරයෙකුනම් ,  ඔබ "වැඩකරුවෙක්" තමා . නමුත් මේ ශේත්‍රය තුල පවතින අධික තරඟකාරීත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත . ඊට ප්‍රධාන ම හේතුව "ප්‍රචාරණය " යි . 




Tuition Advertising වලට ඔයා හපනෙක් ද ? 

තමන්ගේ ප්‍රචාරණය තුලින් ඔබ ඔබේ වෙළඳපල කොටස කොපමණ අත්කරගෙන තිබේද ?  ඒ ගැන ඔබ තෘප්තිමත් ද ? නවීන තාක්ෂනය සමග ඔබ ප්‍රචාරණ කටයුතු කරනවා ඇති .  සමාජ ජාලා ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා .  මීට අමතරව සාම්ප්‍රධායක ප්‍රචාරණ ක්‍රම ඔබ අනුගමනය කරනවාද ? 
  • අත්  පත්‍රිකා බෙදා හැරීම 
  • පෝස්ටර් 
  • රෙදි කටවුට් 
ඉහත ක්‍රම අතුරින් පෝස්ටරයට සහ රෙදි කටවුට් එකට ලැබෙන්නේ සුවිශේෂී තැනක් .  මෙන්න මේ ගැන අපි පොඩ්ඩක් දැනුවත් වෙමු .  



පෝස්ටරේ 

පෝස්ටර් ගැන කියද්දීම මතකයට එන කාරනා දෙකක් තියෙනවා .  ඒ මැතිවරණ සහ Tuition . අපිට අදාළ වෙන්නේ Tuition .
ලංකාවේ Tuition ආරම්භය ගැන කතා කරද්දී 80 දශකයේ අගභාගය කියන්නේ වෙනම හැරවුම් ලක්ෂයක් . 90 දශකයේ මුල වෙද්දී Tuition ලංකාවේ පැලපදියම් වෙන්න පටන්ගත්තා .  විශාල ඉල්ලුමක් Tuition වලට ලැබෙන්න පටන්ගත්තා .  තරගයක් ද ඇති වුනා . 
මෙන්න මේ කාලයේදී රෙදි මත අතින් අඳින  ලද බැනර් උපකාරක පන්ති ප්‍රචාරණයට ආවා . මේ බැනර් සඳහා ලුමිනස් වර්ණ භාවිතය ද කැපී පෙනෙන ලක්ෂණයක් උනා .  කළු පසුබිමේ ලුමිනස් කහ ,  රතු ,  තැඹිලි ,  කොළ රෝස වර්ණ වලින් බැනර් නිර්මාණය වුනා . 
පසු කාලයේදී පෝස්ටර් මුද්‍රණය ඇරඹුනා .  ඒ "ස්ක්‍රීන් මුද්‍රණ තාක්ෂනය " හරහා . එක වෙනම ,  ලංකාවට පමණක් ආවේනික ක්‍රමයක් වුනා . එහි උච්චතම අවස්තාව ලෙස "රෙදි කටවුට්" (Tuition Cutouts) නිර්මාණය වුනා .  මෙය අදවන විට ඉතා ජනප්‍රිය ප්‍රචාරණ මාධ්‍යක් . 


Screen Printing - ස්ක්‍රීන් මුද්‍රණය 

ලංකාවේ Tuition ශේත්‍රයේ අමරණීය මතකයක් සහ අනවරත ලෙස බැඳී තිබෙන , විශ්මකර්ම ප්‍රචාරණ  ක්‍රමයකි ස්ක්‍රීන් මුද්‍රණය .  මෙය තවමත් සිදුවන්නේ ශිල්පීන්ගේ ආවේනික ක්‍රම ඔස්සේය .  මුලින් පෝස්ටර් කඩදාසි මත දෙනෙත් වශී වන දීප්තිමත් වර්ණ යොදාගෙන දැකුම්කලු උපකාරක පන්ති පෝස්ටර් නිර්මාණය විය . ගම ,  නගර සිසාරා තාප්ප ,  ලයිට් කණු , වල ඇලවුණු ස්ක්‍රීන් පෝස්ටර් විවිධ ආකෘති ,  අකුරු රටා සමග දිස්වන්නට උනා .  ලොව ප්‍රබල තාක්ෂනය ඔස්සේ නිර්මාණය කල මුද්‍රණ යන්ත්‍ර වල මුද්‍රනයන්ට ලන්වීමටවත් නොහැකි ලෙස මෙම සරල ලී රාමු වලින් සමන්විත ස්ක්‍රීන් මුද්‍රණ ක්‍රම යටතේ මුද්‍රණය වන පෝස්ටර් දැකුම්කලු වන්නට උනා .  එහි  වර්ණ (විශේෂයෙන් ම Florescent වර්ණ ,  නැතිනම් ලුමිනස් වර්ණ ) වල ඇති වර්ණ තීව්‍ර තාවය තාක්ෂණයෙන් උසස් digital මුද්‍රණ යන්ත්‍ර ඔස්සේ නිර්මාණය කිරීමට අපොහොසත් ය .  
මේ නිසාම Screen Printed Posters රැල්ල උපකාරක පන්ති ප්‍රචාරණයේ දී බහුල උනා .  නමුත් රටේ ආර්ථික ප්‍රතිපත්ති අනුව මුද්‍රණ තීන්ත ,  කඩදාසි ,  භූමිතෙල් මිල සහ මුද්‍රණ අමුද්‍රව්‍ය මිල ඉහල යාම නිසා screen poster මිල අධික ලෙස ඉහල ගියා . කලින් screen මුද්‍රණය ඔස්සේ පෝස්ටර් මුද්‍රණය කර ,  ලී රාමු වලට සවිකර ,  වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට පොලිතින් ආවරණයක් යොදා එල්ලන්නට උනා .  ඒවා කාලයක්  
පැවතියා . 
මිල ඉහල යාම නිසා පෝස්ටර් එකට කරන වියදමට සාපේක්ෂව "රෙදි  කටවුට් " නිර්මාණය පහසු සහ ලාබදායි උනා .  පෝස්ටර් කටවුට් එකෙහි වියදමට වඩා රෙදි කටවුට් එක නිර්මාණයේදී  වැය වන්නේ සුළු මුදල් වැඩිවීමකි .  නමුත් පැවැත්ම ,  කාලය කොලිටිය වැඩි නිසා එය අද වනවිට ජනප්‍රිය වී ඇත . Tuition ක්ෂේස්ත්‍රයට රෙදි Cutout එක කියන්නේ නැතුවම බැරි ,  සාර්ථකම ප්‍රචාරණ ක්‍රමය වී අවසන්ය . 


Cutout එකක් පිලිබඳ ඔබ දැනගතයුතු ම කරුණු . 

ඔබගේ ප්‍රචාරණයට වැදගත් ම වන Tuition Cutouts ගැන ඔබ නොදන්නා කතාවක් තමා මේ ගෙන එන්නේ .  ඒ වගේම ඉතාම වැදගත් කරුණු ඔබගේ අවධානයට ගෙන එන්නට මම හිතුවා . හොඳයි ,  අපි මුලක ඉඳල පටන්ගමු .  තේරෙන විදිහට. ගුණාත්මක කටවුට් එකක් සතු විශේෂ ලක්ෂණ මොනවද ? 
  1. නියමිත හැඩය . 
  2. උසස් අමුද්‍රව්‍ය 
  3. සමබර සහ ආකර්ශනීය Art Work එකක් . 
  4. ගැලපෙන වර්ණ භාවිතය . 
  5. දිගුකල් පැවැත්ම 
මෙන්න මේ කාරනා ගැන ඔබ අනිවාර්යෙන් ම සලකා බැලිය යුතුය . ගැලපෙන දිග පළලකින් යුක්තව ශක්තිමත් ලී රාමුවකට මුද්‍රණය සවි විය යුතුය .  රෙද්දේ රැලි වැටීම් ,  රාමුවේ ඇදවීම් මගින් කටවුට් එකෙහි පෙනුම විනාශ වේ .  
ඒ වගේම සැහැල්ලු බරකින් යුක්තවීම සහ සැලකිය යුතු කාලයක් පවතින රෙදි වර්ග භාවිතයත් , විශේෂයෙන් ම කල්පවතින තීන්ත සහ අමුද්‍රව්‍ය භාවිත කල යුතුය .  වෙළඳපලේ පවතින බාල වර්ණක සහ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් හිරු එළියේ ඇති කිරණයන්ට අනාවරණය වීම නිසා මුද්‍රණය ඉතා කෙටි කාලයකදී වර්ණ පිළිස්සීමට ලක්වී වර්ණවල දීප්තිමත් ගතිය ඉතා කෙටි කාලයකදී විනාශ වේ . 
විශේෂම කාරනාවක් වන්නේ ඔහේ අකුරු ටිකක් සහ වර්ණ ටිකක් ගල්වා දෙන සියල්ල කටවුට් නොවේ .  ඔබ මේ වියදම් කර සකසන්නේ තරඟයක් ජයග්‍රහණය කිරීමේ ප්‍රචාරණයකි ,  ඔබේ ප්‍රතිරූපයට විශාල බලපෑමක් cutout එක සිදු කරනවා . 
හිතන්න ,  වැරහැලි වී  ගිය ,  තීන්තවල නියම වර්ණ අඩු , කඩතොළු සහිත , ආධුන්කආධුනික  තත්වයේ cutout එකක් හෝ ,  ආකර්ෂණයක් නැති නිකන්ම cutout එකක් මගින් නිරුපනය වන්නේ කිසිම ප්‍රතිරූපයක් නැති ,  පිළිවෙලක් නැති ,  ප්‍රතාපවත් බවක් නැති ගුරුවරයෙක් නොවේද ?  එසේනම් Art work එක කියන්නේ Cutout එකේ මුලිකම දෙයි .  බොහෝ ගුරුවරුන් ඔහේ අකුරු ට්කක් සහ වර්ණ ගැල්වූ  රෙදි කැබලි තැන තැන එල්ලාගෙන යන්නේ විශාල වියදමක් දරා ය .  නමුත් එහි කිසිම ආකර්ශනීය බවක් නොමැති බව මම හොඳින් දැක ඇත . ඔබ Art Work එක කෙරෙහි අවධානය යොමු කරන්න .  ඒ සඳහා අත්දැකීම් සහිත නිර්මාණ කරුවෙකු තෝරාගන්න .  විශේෂයෙන් Screen Printing සහ Graphic Design කියන්නේ දෙවර්ගයකි .  මේ දෙකම ගැන මනා දැනුමක් සහිත කෙනෙකු තෝරාගැනීමට උත්සුක වන්න .  මන්ද එමගින් විශාල සාර්ථකත්වයක් ලබාගත හැකිය . 


Cutout එකෙහි Artwork එකක ඇතුලත්වියයුතු ප්‍රධාන අංග . 

 
  • නිර්මාණය සමබර වීම 
  • මනා වර්ණ සංකලනයක් සහිතවීම  
  • සුදුසු අක්ෂර භාවිතය . 
  • පහසුවෙන් විශේෂ කරුණු දිස්වන සේ සැකසීම . 
  • ගැලපෙන සහ නිර්මානාත්මක හැඩතල භාවිතය . 
මෙන්න මේ කාරනා උසස් Tuition Cutout එකක අඩංගු විය යුතුය . වසර ගණනාවක් උපකාරක පන්ති සඳහා කටවුට් නිර්මාණය කරන මා ඔබ වෙත මේ කාරනා ගෙන එන්නට සිතුවේ මේ වන විට කිසිඳු ප්‍රමිතියක් නැති , නිසි දැනුමකින් තොරව සිදු කරන cutouts වලට ගුරුවරුන් වන ඔබ නොදැනුවත්ව හසුවන නිසයි . 
ඒ වගේ ම මිලෙහි සුළු වෙනස්වීම් ගැන ඔබ අවධානය යොමු කරන විට නොදැනුවත්ව ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනවල ගොදුරක් වන බැවිනි . 
පහතින් ඇත්තේ අප විසින් නිර්මාණය කල Tuition Cutouts කිහිපයකි .  ඉහත ගුණාංග සියල්ල ඒවාගේ කැටිවී ඇත .  ඒ නිසා ම ගුරුවරුන් අප කෙරෙහි විශ්වාසය තබා ඇත . ඔබටත් ඉහල තත්වයෙන් යුතු ගුණාත්මක cutout එකක් අවශ්‍යනම් අපව සම්බන්ධ කල හැකිය . ඒ 0759000133 whatsapp අංකය හරහා ය .

වැඩි දුර බලන්න අපේ FB Page එකට මෙතනින් යන්න . >> https://web.facebook.com/screenprintingsrilanka









No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here