භාවිතයෙන් පසු හරියට ස්ක්‍රීන් එකක් සොදාගන්නේ කෙසේද? - How to Clean Screen after printing ? - Screen printing Sri Lanka

Post Top Ad

Responsive Ads Here

Tuesday, March 2, 2021

භාවිතයෙන් පසු හරියට ස්ක්‍රීන් එකක් සොදාගන්නේ කෙසේද? - How to Clean Screen after printing ?


කොහොම වුනත් අද අපි ඔයාල දැනුවත් කරන්න යන්නේ භාවිතයෙන් පසු Screen එකක් නිවැරදිව පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. ඔයා අපේ Blog එකට අලුත් කෙනෙකුනම්, මීට කලින් අපි Screen Printing ගැන මුලික කාරනා රැගත් ලිපි සහ video බලලම එනවනම් මේක හොඳින් තේරෙයි.

නිවසේ සිට ලක්ෂ ගණන් හොයන්න Screen Printing ඉගෙනගමු..

ස්ක්‍රීන් මුද්‍රණය ඉගෙන ගනිමු. - Screen Printing Mesh  - Part 1

නිවසේ කුඩාවට Screen printing ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ මෙහෙමයි.How to Start Screen Printing Press at Home? - 2

අපි කලින්ම කියුවනේ Screen Printing වලින් බොහෝ මුද්‍රණ කාර්යන් ගෙදර ඉඳලම කරන්න පුළුවන් බව සහ, විවිධ මුහුණත් වල (කඩදාසි, ලී, ප්ලාස්ටික්, රෙදි,රබර්, වීදුරු වැනි) වර්ණ කිහිපයකින් විවිධ මෝස්‌තර සහ අකුරු මුද්‍රණය කරන්න පුළුවන් කියලා.


ඒ වගේම තමා මුලිකව ස්ක්‍රීන් මුද්‍රණයට යොදාගන්නා තීන්ත ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා.

1. - Oil Base (යම් රසායන ද්‍රාවණ සමග කලවම් කල)

2. - Water Base (ජලය පදනම් කරගත්)

ලෙස වර්ග දෙකකින් යුක්ත වනවා.

මේ නිසාම මේ තීන්ත භාවිත කරන අවස්ථා ද මුද්‍රණ පසුබිම අනුව වෙනස් වනවා. විශේෂයෙන් Business Card / Wedding Card / Plastic මත මුද්‍රණ වැනි දේ සඳහා Oil Base තීන්ත වන PVC තීන්ත බහුලව යොදාගන්නවා. banner /T  -shirt /රෙදි මත මුද්‍රණ සඳහා Water Base තීන්ත භාවිත කරනවා. (මේ ඔයාලට තේරෙන විදිහට සරලවම කියන්නේ)


කොහොම වුනත් Oil Base තීන්තෙන් මුද්‍රණ කාර්යක් කරද්දී PVC තීන්ත යොදාගන්නවානම්, එහි තීන්ත වල ඝනත්වය අඩු කරගැනීමට Reducer නම් රසායන ද්රාවනයෙන් බින්දු කිහිපයක් තීන්ත සමග හොඳින් මිශ්‍ර කරගන්නවා. (සියුම් මුද්‍රනයක්නම් 120T / 200T වගේ Mesh යොදාගන්න විට තීන්ත ඝනකම අඩු කලයුතුය.)  ඒ වගේම වැඩි වෙලාවක් screen එකේ මුද්‍රණයන් කරන අතර, එය මදකට නවතනවානම්, වැඩි තීන්ත ඉවත් කර, යටින් කඩදාසියක් තබා උඩින් Reducer වලින් තෙත් කිරීමෙන්, තීන්ත ඝන වී සිරවීම වලක්වා ගන්නත් පුළුවන්.

හරි...හරි... වැඩියෙන් විස්තර කියල දෙන්නේ ඉගෙන ගන්න .. හරි! ඔන්න දැන් මුද්‍රණය කරලා ඉවරනම්, screen එකේ වැඩි තීන්ත සේරම කාඩ් බෝර්ඩ් කෑලි ටිකකින් ඉවත්කරගන්න. පසුව මුද්‍රණ පලකය මත පත්‍ර පිටුවක් තබා, Screen Wash කියන ද්රාවනයෙන් screen එක තෙත් කරන්න. පසුව Cotton wool හෝ, කපු මිශ්‍ර රෙදි කැබලිවලින් හොඳින් තීන්ත පිස දමන්න. තීන්ත ඉවත් කර, Screen එකේ දෙපැත්තම එක වර අත් දෙකින් Screen Wash වලින් පෙඟවූ රෙදි කැබලි දෙකකින් අතුල්ලන්න. පසුව තීන්ත රහිත රෙදි කැබලිවලින් තදින් අතුල්ලා පිරිසිදු කරන්න.



දැන්  Screen එකේ Stencil එක (මුද්‍රණ අච්චුව)පිරිසිදුව පෙනෙනවා ඇති. (සේදීමේදී මෙයට හානි නොවන ලෙස සේදීමෙන්, නැවත එම මුද්‍රනයම කලයුතු විටෙක, එම Screen එකම භාවිත කල හැකිය.)

නමුත් ඔබට ම අච්චුව සෝදා Screen එක පිරිසිදු කල යුතුනම් අවසාන වශයෙන් පිරිසිදු කල Screen එක මතට "Auto strip" කියන ද්රාවනය යොදා එය තෙත් කරන්න.

(මේ සඳහා  "Auto strip" 10g  ජලය ලීටරයක කලවම් කර ද්‍රාවනය සකසා ගන්න.)

මෙම ද්රාවනයෙන් තෙත් කල Screen එක විනාඩි 4-5 තබන්න. මතක ඇතිව Screen එකේ දෙපැත්තේම මෙය ගල්වන්න. විනාඩි 4ක් පමණ තබා, හොඳින් අතුල්ලන්න. එවිට මුද්‍රණ අච්චුව සකසා ඇති රසායනය පහසුවෙන් ඉවත් වේ. පසුව ජලයෙන් හෝදන්න. පීඩන ජල විදීමකින් කුඩා සිදුරුවල සිරවී ඇති තීන්ත සහ වෙනත් ද්‍රව්‍ය ඉවත්කළ හැකිය.

පිරිසිදු කිරීමේදී ගැල් වූ රසායනය ඉවත්කිරීමට අපහසුනම් පීඩක ජල විදිනයක් භාවිත කිරීම සුදුසුය.


මතක තියාගන්න. Screen එක පිරිසිදු කිරීමෙන් පසුව චායාවක් දක්නට ලැබෙනවා කලින් කල මුද්‍රණයේ. එය තිබුනට නැවත Screen එක වැඩ සඳහා යොදාගන්නට පුළුවන්. 

කෙසේ වෙතත් Auto Hase නම් රසායන ද්‍රව්‍ය යොදා රවුම් හැඩයට Screen එක පිරි මැදීමෙන් මෙම චායා ඉවත් කල හැකිය.

ඒ වගේම Water Base තීන්තෙන් වැඩ අවසන් වූ පසු, ජලයෙන් හොඳින් Screen එක සෝදා හරින්න. මෙය ඉහත ක්‍රමයට වඩා පහසුවෙන් තීන්ත ඉවත් කල හැකිය. ජලයෙන් දියවන තීන්ත සඳහා කෙලින්ම ජලය යොදා පිරිසිදු කල හැකිය. අවසානයේ Stencil එක ඉවත් කිරීමට පෙර පරිදි Auto Strip ද්‍රාවනය යොදා එම පියවරයන් අනුගමනය කරන්න.

ඔන්න ඉතින් සෝදා, වියලා අවසන් වූ Screen නිසි ලෙස Rack එකක ගබඩා කර තබන්න. එය දීර්ඝ කාලයක් mesh එක සහිත Screen එක භාවිතයට හේතුවක් වන බවත් මතක තියාගන්න. 

    එහෙනම් තවත් වටිනා පොස්ට සහ videos එක්ක Screen Printing ඉගෙන ගන්න අපිත් එක්ක ඉන්න. තවමත් Page එකට Like කරලා නැත්තන් දැන්ම like එකක් දාල සෙට් වෙන්න. ඒ වගේම හැමෝටම දකින්න Share කරන්න. මේ Page එකත් එක්ක තවත් පිරිසක් එකතු කරගමු. ඔන්න එතකොට ඔයාලට අදහස් බෙදාගන්න කට්ටිය ගොඩාක් ඉඳියි. 

ආයෙත් අපි සෙට් වෙමු... අඩුපාඩු/ ගුණදොස් පහතින් comment කරන්න



2 comments:

  1. මම නිමි ඇදුම් බිස්නස් එකක් කරන්නේ ඔබගෙ මෙම video එක ගොඩක් වැදගත් තවත් Screen print පිළිබඳ Video කරන්න 🙏

    ReplyDelete

Post Bottom Ad

Responsive Ads Here