ස්ක්‍රීන් මුද්‍රණය ඉගෙන ගනිමු. - Screen Printing Mesh - Part 1 - Screen printing Lanka (pvt) Ltd

Screen printing  Lanka (pvt) Ltd

Screen Printing Pvt Ltd is a leading screen printing company specializing in high-quality, innovative printing and embellishment solutions for apparel and textiles. Founded with a commitment to cutting-edge technology and continuous R&D, the company delivers precise, durable prints that cater to both global brands and local businesses. Its focus on customer service, quality, and sustainable practices has established it as an industry benchmark in the screen printing sector.

Sunday, February 28, 2021

ස්ක්‍රීන් මුද්‍රණය ඉගෙන ගනිමු. - Screen Printing Mesh - Part 1

Screen මුද්‍රණ ඉතිහාසය පළමුවන සියවස දක්වා දිවෙන අතර ආසියානු රටවල මුද්‍රණකරුවන් විසින් මෙය හඳුන්වා දෙන ලදී. අද, ඇඟලුම් මත Screen මුද්‍රණය කිරීමේ ව්‍යාපාරය සමාගම්, ක්‍රීඩා කණ්ඩායම් සහ සියලු වර්ගවල කණ්ඩායම්වල ප්‍රවර්ධන අවශ්‍යතා සපුරාලයි. ඒ විතරක්ද? Business කාර්ඩ් එකේ සිට ඕනෑම මතුපිටක (රෙදි, දැව ,තහඩු, රබර්, ප්ලාස්ටික්, කඩදාසි,) වර්ණවත් වගේම වැඩි කාලයක් පවතින මුද්‍රණ කල හැකි ක්‍රමයකි. 


    කොතරම් පැරණි, සරල ක්‍රමයක් වුවත් , මොන තරම් තාක්ෂණික වශයෙන් ඉහල මුද්‍රණ යන්ත්‍ර පැමිණියත් Screen මුද්‍රණ ක්‍රමයේ අවශ්‍යතාව දිනෙන් දින ඉහල යමින් පවතී. Screen මුද්‍රණය යනු ටී-ෂර්ට්, ඇඟලුම් අයිතම, බෑග්, සහ වෙනත් රෙදිපිළි නිෂ්පාදන අලංකාර කිරීමේ වේගවත්ම, කාර්යක්ෂම හා කල් පවතින ජනප්‍රිය ක්‍රමයකි .
     Screen මුද්‍රණ ක්‍රියාවලිය පිළිබඳ තවත් කරුණු කිහිපයක් සහ ඔබේ ප්‍රවර්ධන අවශ්‍යතා සඳහා Screen මුද්‍රණය තෝරා ගැනීමට පෙර දැන ගැනීමට අවශ්‍ය විශේෂ කරුණු කිහිපයක් ගැන අද අපි ගෙන එන්නට සිතුවා. screen මුද්‍රණය සරල ක්‍රියාවකි. ලී හෝ ඇලුමීනියම් රාමුවකට ඉතා තදින් ඇද සවිකරගත් විශේෂිත රෙදිවර්ගයක් (Screen Mesh ) එකක් මත UV ආලෝකයකට , නැතිනම් සුදු පැහැති විදුලි බල්බ වල ආලෝකය යොදාගනිමින් මුද්‍රණ අච්චුවක් සාදා ඉතා සියුම් මුද්‍රණයන් පවා, විවිධ වර්ණවලින් ,යම් මතු පිටක (රෙදි, දැව ,තහඩු, රබර්, ප්ලාස්ටික්, කඩදාසි,) වැනි මතුපිටක මුද්‍රණය කිරීමයි. 


    මෙහිදී රෙද්ද මත ඇති ඉතා කුඩා සිදුරු රසායනයකින් වැසී, තීන්ත මුද්‍රණය වියයුතු ප්‍රදේශය පමණක් සිදුරු විවුර්ත වේ. මෙහිදී අලුමීනියම් රාමුව ලී රාමුවට වඩා යෝග්‍ය වන්නේ කාලය, කාලගුණ තත්වය මත එය වෙනස් නොවීමයි. පැවැත්ම ඉතා දීර්ගය. වසර ගණනක් විවිධ මුද්‍රණ සඳහා යොදාගත හැකිය. මෙෂ් එක රාමුවට සවිකිරීමට විශේෂ ගම් වර්ගයක් භාවිත කරයි. වෙනත් ගම වර්ග යෙදීමෙන් වැඩි මුද්‍රණ ප්‍රමාණයක් කිරීමේදී මෙෂ් එක රාමුවෙන් ගැලවීමට ඉඩ ඇත. එමෙන්ම මුද්‍රණය සහ තීන්ත වර්ගය අනුව මෙෂ් එක වෙනස් වේ. 


    මෙෂ් වර්ග ගණනය කරනුයේ වර්ග අඟලකට හෝ, සෙන්ටිමීටරයකට ඇති නූල් ප්‍රමාණය අනුවයි. 120, 200, 64, 54, වැනි වර්ග රාශියක් පවතියි. උදාහරණයක් ලෙස කළු ටීෂර්ට් එකක සුදු වර්ණය මුද්‍රණයේදී එම තීන්ත ඉතා ඝනකමින් යුක්ත බැවින් නූල් ප්‍රමාණය අඩු මෙෂ් එකක් භාවිත කල යුතු අතර, සියුම් මුද්‍රණයක් කඩදාසි මත කිරීමේදී වැඩි නූල් ප්‍රමාණයකින් යුක්ත මෙෂ් එකක් භාවිත කල යුතුය. වැඩි නූල් ප්‍රමානයකදී තීන්ත ගලායන සිදුරු කුඩා වන අතර අඩු නුල්ප්‍රමානයක් සහිත මෙෂ් එකක තීන්ත ගලා යන සිදුරු විශාල වේ. 




    කෙසේ වෙතත් මේ ගැන මුල සිට ඔබත් ඉගෙන ගැනීමට කැමතිද? නිවසේ සිට රෙදි මුද්‍රණය වැනි කුඩා කර්මාන්තයක් අන්තර්ජාතික ප්‍රමිතියෙන් කිරීමට කැමතිනම් ඔබට Screen Printing Sri Lanka අප හා එකතුවීමට හැකිය. ඉතා කුඩා මුදලකින් මෙය ආරම්භකර ඉදිරියට යාමට හැකිය. මේ ගැන තවත් ලිපි බලාපොරොත්තුවන්න.

 අපේ Face Book පිටුවට Like කර ඔබත් සම්බන්ධ වන්න.


No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here