නිවසේ සිට ලක්ෂ ගණන් හොයන්න Screen Printing ඉගෙනගමු.. - Screen printing Lanka (pvt) Ltd

Screen printing  Lanka (pvt) Ltd

Screen Printing Pvt Ltd is a leading screen printing company specializing in high-quality, innovative printing and embellishment solutions for apparel and textiles. Founded with a commitment to cutting-edge technology and continuous R&D, the company delivers precise, durable prints that cater to both global brands and local businesses. Its focus on customer service, quality, and sustainable practices has established it as an industry benchmark in the screen printing sector.

Sunday, February 28, 2021

නිවසේ සිට ලක්ෂ ගණන් හොයන්න Screen Printing ඉගෙනගමු..


 මොකක්ද මේ Silk Screen Printing කියන්නේ?.

ලී හෝ අලුමීනියම් රාමුවකට තද්දීන් ඇද සවිකරගත් විශේෂිත රෙදිවර්ගයක් වූ Bolting Cloth නම් වූ සිල්ක් රෙදි කැබැල්ල මත අකුරු (Text ) / හැඩ තල (Shape ) පිංතුර (Image ) ,යම් සරල රසායන ක්‍රියාවලියකින්  මගින් අච්චුවක් (stencil) එකක් ලෙස සකසා , තනි හෝ වර්ණ කිහිපයක මුද්‍රණයන් සිදු කිරීමයි.

මෙහි විශේෂත්වය වන්නේ දියුණු යන්ත්‍ර සුත්රවලින් කල නොහැකි මුද්‍රණ හා, විශාල මුදලක් ගෙවා ගතයුතු මුද්‍රණ යන්ත්‍ර වලින් කෙරෙන මුද්‍රණයන් මේ මගින් ඉතා ඉහල නිමාවෙන් සිදු කිරීමට හැකිවීමයි. 



 Silk Screen Printing යොදා ගත හැකි අවස්ථා..

🔥රෙදි මත මුද්‍රණයට 

🔥කඩදාසිමත   මුද්‍රණයට

🔥ප්ලාස්ටික් මත  මුද්‍රණයට

🔥රබර් මත   මුද්‍රණයට

🔥දැව හෝ එවනි බෝර්ඩ් මත මුද්‍රණයට.

🔥විශේෂිත මුහුණත් වල මුද්‍රණයට 

වැනි විවිධ අවශ්‍යතා සඳහා ඉතා ඉහල ගුණත්වයෙන් සහ අලංකාර මුද්‍රනයන්ට මෙය යොදා ගත හැකිය.

ඉතා අඩු මුදලක් යොදාගෙන නිවසේ සිටම මෙම ව්‍යාපාරය කරගෙන යාමට හැකිවීමත්, කාන්තා/පුරුෂ දෙපාර්ශවයටම ඉතා පහසුවෙන් කල හැකි කර්මාන්තයක් ලෙස Silk Screen Printing හැඳින්විය හැකි අතර, චිත්‍ර හෝ Graphic නිර්මාණ හැකියාව සහ පරිඝනක දැනුම අමතර සුදුසුකමක් වන අතර, අනිවාර්ය හැකියාවක් නොවේ. 

තමාට අවශ්‍ය සැලසුම් පරිහනකයකින් සිදු කරගත යුතු අවස්ථා බොහෝ විට යෙදෙන අතර, එය පරිගණක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු මගින් කරගත හැකිය. 

✌️අවශ්‍යවන්නේ කැපවීම සහ නිසි ලෙස මුලික සිද්ධාන්ත ඉගෙනීම සහ ශිල්පය ප්‍රගුණ කිරීමයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන Screen Printing Lanka අප විසින් ඔබව නිවැරදි මග පෙන්වීම මගින් දක්ෂ නිර්මාණ කරුවෙකු බවට පත් කරන අතර, විෂයට අදාළ සියලු අංශ ආවරණය කරමින් ඔබට මාසිකව සැලකිය යුතු මුදලක් ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම අප විසින් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

පහත වීඩියෝවෙන් ස්ක්‍රීන් මුද්‍රණය (Screen Printing ) පිළිබඳව ඔබට ඉතා හොඳ දැනුමක් ලබාගත හැකිය.

(අලුතින් Screen Printing ආරම්භ කරන අය සඳහා Basic Screen Printing Kit එක මෙතනින්. )




No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here