නිවසේ කුඩාවට Screen printing ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ මෙහෙමයි. - How to Start Screen Printing Press at Home? - 2 - Screen printing Sri Lanka

Post Top Ad

Responsive Ads Here

Monday, March 1, 2021

නිවසේ කුඩාවට Screen printing ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ මෙහෙමයි. - How to Start Screen Printing Press at Home? - 2




මේ ලිපිය කියවීමට පෙර ස්ක්‍රීන් ප්‍රින්ටින් ගැන මුලික දැනුම ලබා ගැනීමට පහත වීඩියෝව නරඹන්න. පසුව ලිපිය කියවන්න.



ඔබත් Screen printing ගැන නවකයෙකුනම් මේ ගැන මුලික දැනුමක් ලබාගත යුතුය. ඒ සඳහා අපි මුලින් පල කල මේ ලිපිය කියවන්න.



ඉතිං ඔබට දැන් Screen printing ගැන දල අදහසක් ඇතිනේද? ඔබට නිවසේ සිට හොඳ ආදායමක් ලබාගැනීමට මේ ක්‍රමය ඔස්සේ හැකි බව දැන් තේරෙනවා ඇති නේද? එහෙනම් අපි බලමු ගෙදර කොහොමද පොඩිවට Screen Printing Press එකක් හදාගන්නේ කියලා.

ඔබේ නිවසේ ඉඩකඩ 
ඔබේ නිවසේ ඉඩකඩ ගැන පළමුව අවධානය යොමු කරන්න. එම ඉඩකඩට සරිලන ආකාරයට ඔබගේ Screen Printing Press එක නිර්මාණය කරගන්න. විශේෂයෙන්ම මේ සඳහා කොටස් දෙකක් අවශ්‍යයි. එක කොටසක Dark Room එකක් ද අනෙක් කොටසේ Printing Aria එක ලෙසද වෙන්කරවා ගැනීම සුදුසුය. හැකිනම් ඒ අසලින්ම wash Aria එකක්, නැතිනම් අවශ්‍ය පැරිසි සේදුම් කටයුතු සඳහා කොටසක් තබා ගැනීම සුදුසුයි. ඒ සඳහා ඔබට සාමාන්‍ය ජල කරාමයක් පැවතීම මුලින් ප්‍රමාණවත්ය.

කෙසේ වෙතත් ඔබේ නිවසෙන් පිට හෝ නිවාස තුල මුලික වශයෙන් Screen Printing Press එකක් නිර්මාණය විය යුතු අකාරයේ දල රූප සටහනක් පහතින් දැක්වේ.



මෙහි ප්‍රධාන කොටස් 03ක් දැක්වෙනවා.
  • Printing Aria 
  • Dark Room 
  • Washing Aria 

Printing Aria

මේ තුල මුද්‍රණ කටයුතු සිදුවේ. එමෙන්ම මේ තුල ප්‍රධාන වශයෙන් දැකිය හැකි ප්‍රධාන කොටස් කිහිපයකි.
  1. Printing Table 


මුද්‍රණය සඳහා භාවිත කරන මේසය මෙහි ස්ථාන ගත කල යුතු අතර, එය ඔබගේ මුද්‍රණ කාර්ය සමග ගැලපෙන දිග පළල ප්‍රමාණයකින් යුක්ත විය යුතුය. විශේෂයෙන් T Shirt Printing වලදී මේසය විශේෂ ආකාර කිහිපයකින් සාදනු ලබනවා. Line Table සහ Board Printing යන ක්‍රම දෙක මෙහිදී භාවිත වනවා.ඊට අමතරව විශේෂ T Shirt Printing manual යන්ත්‍ර ද භාවිත වනවා. 
කෙසේ වෙතත් ඔබ ආධුනිකයෙකුනම් සහ ඔබේ ඉඩකඩ සීමා සහිතනම් තනි මේසයක් සකසා Board Printing ක්‍රමය අනුව ඇඟලුම් මුද්‍රණය යෝග්‍ය බව මගේ අදහසයි. (මේ ගැන සම්පුර්ණ විස්තරයක් පසුව ගෙන එමි)

    2. Rack (Drying)


ඔබ විසින් මුද්‍රණය කරන දේ වේලීම සඳහා තබන rack එකයි. මේවා වෙළඳපොලෙන් මිලදී ගැනීමට ඇති අතර, අවශ්‍ය පරිධි සකසා ගැනීමද කල හැකිය. 

3. Screen Rack



ඔබ භාවිතයට ගත් පසු  ස්ක්‍රීන් ඉතා සුරක්ෂිතව ගබඩා කර තැබීම අවශ්‍ය වේ. ඒ සඳහා ස්ක්‍රීන් රඳවා තැබීමට Screen Rack භාවිත කරයි. දිගු කාලයක් භාවිතය සඳහා ස්ක්‍රීන්  හොඳ තත්වයෙන් අසුරා තැබීම අවශ්‍ය වේ.

4. Material  Rack


ඔබගේ තීන්ත, වෙනත් රසායන ද්‍රව්‍ය, Squeegee, වෙනත් උපකරණ තබා ගැනීම සඳහා බිත්තියටම සවි කල දැවමය හෝ වානේ Rack එකක් භාවිත කල හැකිය. එමගින් අමුද්‍රව්‍ය වල සුරක්ෂිත තාවය හා අස්ථාන ගතවීම වලක්වා ගැනීමත්, ඒවා නිසි ප්‍රමිතියෙන් පවත්වාගේනයාමටත් හැකිය.

3. Dark Room 


ඔබ Screen Printing ව්‍යාපාරයක් ආරම්භ කරනවානම් වැදගත්ම කොටසක් තමයි මේ Dark Room එක. ඔබගේ මුද්‍රණයේ තත්වය පවතින්නේ මේ Dark Room එක හරියට කළමනා කරණය කර ගැනීමෙනි. මේ තුල ඇති විශේෂත්වය වන්නේ පිටතින් ආලෝකය මේ තුලට ඇතුළු නොවීමට වග බලා ගැනීමයි. මෙහි සාමාන්‍ය සුදු ආලෝකය සහිත විදුලි බුබුළු භාවිත කරනවානම්, ඔබ screen එක Expose කරන විට ඒවා නිවා දැමීමට වගබලා ගන්න. මෙහි ඇති Light Box එක ගැන ඔබ තුල දැනුවත් භාවයක් තිබිය යුතුය.

1. Expose Light Box  

මෙය සාමාන්‍ය Fluorescent බල්බ් (ටියුබ් බල්බ්) යොදාගෙන මෙය සාදා ගත හැකිය. නැතිනම් UV බල්බ් ද මීට යොදාගත හැකිය. ඔබගේ අවශ්‍යතාව මත අඩි 2 හෝ 4 යොදාගන්න. බල්බ් අතර අඟල් 2ක් පමණ පරතරයක් තබා බල්බ් 6ක් පමණ යොදාගන්න. මෙහි විශේෂත්වයනම් මෙම සියලු බල්බ් එකවර දැල්වෙන ලෙස සකසා ගන්න. 



screen එකෙහි expose කිරීම සඳහා රසායනය ආලේප කරන විට කාමරය තුල හෝ Light box එක තුල සුදු ආලෝකය සහිත බල්බ් දැල්වීමෙන් වලකින්න. ඔබ එසේ කලොත් රසායනය සුදු ආලෝකයට සවේදී නිසා ඒ සමග ප්‍රතික්‍රියා කිරීමට පටන් ගන්නවා. එවිට අපේක්ෂිත ප්‍රතිපලය ලබාගත නොහැක. රසායනය ගලවන විට රතු හෝ කහ පති බල්බ දල්වා ගන්න.
screen එක මත රසායනය ගලවා එය වේලීම සඳහා අඳුරු ස්ථානයක තබන්න. පසුව ඔබේ මුද්‍රණයට අදාළ Positive හෝ Tracing මත කල Print Out එක Light box එක මත තබා, ඊට ඉහලින් ස්ක්‍රීන් එක තබා ඊටත් ඉහලින් බරක් තබා සියලු බල්බ නිවා දමා light box එකෙහි බල්බ දල්වන්න. ඉන් පසුව ඔබේ Light Box එකට අනුව තැබියයුතු කාලය තබා ස්ක්‍රීන් එක වහාම ජලයෙන් සෝදා ජල විදිනයකින් සෝදන්න. ඔබ ගේ ස්ක්රීනයේ මුද්‍රණ අච්චුව මතුවෙනු ඇති.


3. Washing Aria




විශේෂයෙන්ම ස්ක්‍රීන් සේදීම සඳහා මේ අංශය භාවිත කරනු ලබනවා. හොඳ ජල සැපයුමක් අවශ්‍ය වන අතර, ඔබට හැකිනම් ඒ සඳහා Washing Booth එකක් සාදාගත හැකිය. එය අවශ්‍යනම් ඔබගේ Printing Aria එක තුලම ඉඩකඩ ඇතිනම් ස්ථානගත කල හැකිය. එසේත් නැතිනම් ඔබට ඔබගේ නිවාස එළියේ ඇති ජල කරාමය ද මේ සඳහා යොදාගත හැකිය.

ඔන්න ඉතින් ඔයාට Screen Printing Press එකක් ගෙදර ආරම්භ කරන්න අවශ්‍ය මුලික දැනුම අපි ගෙන ආවා. නමුත් මේ ගැන විස්තරාත්මකව ඉදිරි ලිපි මගින් ඔබට ගෙන එනවා. ඔබට අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය අපි ඔබගේ නිවසටම ලැබීමටත් සලස්වනවා. ඒ වගේම මෙවැනි දැනුම ලබා ගැනීමට අපගේ Facebook Page එකට Like එකක් දාලා සෙට් වෙන්න.

මෙම ලිපිය හෝ මින් කොටසක් කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්...








No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here